ගංවතුර බැසගොස් සති දෙකකුත් අවසන් වී ඇත. ප්‍රදේශයේ ජනතාව එදිනෙදා කටයුතු වල නිරතවී සිටී. මෙය ඉතාමත් සුභදායක තත්වයකි, නැතිවූ සියල්ල අමතක කර නැවතත් ජිවිත අලුතින් ආරම්භ කිරීම ගැන ආඩම්බර වියයුතුය. මෙවන් අභාවාචක අත්දැකීම් සහි දෙකෙන් නොව පැයකින් අමතක කළ නැවත නගී සිටිය හැකිනම් ඉතා හොදය. නමුත් ප්‍රශ්නය ඇත්තේ සිද්ධිය අමතක කිරීම නොව එයින් ලැබුණු අත්දැකීම අමතක කිරීමයි.
2003 වසරේ මෙවැනිම ගංවතුර තත්වයක් ඇතිවූ නමුත් එයින් පාඩමක් උගත් බවක් පෙනෙන්නට නැත. 2017 ගංවතුරින් පාඩමක් උගත් බවකුත් පෙනෙන්නට නැත. මහජනතාව පමණක් නොව, රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහලම තැන සිට පහලම තැන දක්වාත් පාඩමක් උගත් බව පෙනෙන්නට නැත.
හරිහැටි කරුණු අද්‍යනය කිරීමේදී පෙනී යන්නේ 2003 ගංවතුර හා 2017 ගංවතුර අතර වෙනසක් නැති බවය. ගොංගල කන්දෙන් ආරම්භවන නිල්වලා නදිය දෙනියාය, දියදාව ,කොටපොළ, වරල්ල, පොරුපිටිය, මොරවක, පිටබැද්දර, අකුරැස්ස හරහා මාතරින් මහ සයුර සමග එක්වේ. ගංවතුර එකවර ක්‍ෂණයකින් මොරවක, අකුරැස්ස හෝ මාතර නගරය යටකරගෙන ගලා යන්නේ නැත. එය ක්‍රමානුකුලව වරල්ල , පොරුපිටිය , මොරවක , පිටබැද්දර , අකුරැස්ස , ගොඩගම , මාතර යටකරගෙන ඉදිරියට ගලාගෙන යයි. තනි තනි පුද්ගලයන් සමාජ ජාල වෙබ් අඩවි හරහා අනතුරු ඇඟවීම් කළද ක්‍රමවත් ලෙස එය ක්‍රියාත්මක නොව්නි. එසේ වූවානම් විශාල දේපල හානියක් වලක්වා ගන්නට තිබුණි. තවද දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ යම් යම් කොටස් ඉතා ඉක්මනින්ම ගංවතුරට යටවනවා දක්නට ඇත. මෙවන් ස්ථාන හදුනාගෙන ඒවාට විකල්ප ලබා දිය යුතුය. ගම්මාන යටවීමට පෙර මාර්ග යට වූ විට තත්වය භයානකය.
2003 ගංවතුරින් මුළුමනින්ම විනාශ වූ නිවාස එම ස්ථානවල නැවතත් ඉදිකර තිබෙනු දක්ක්නට ලැබුණු අතර 2017 ගංවතුරින් ඒවා පෙර පරිදිම විනාස වී තිබෙනු දක්කනට ලැබුණි. මෙය ඉතාමත් සංවේදී කාරණාවකි, තමන්ගේ නිජබිම් අතහැර මුළුමනින්ම නව ප්‍රදේශ කරා සංක්‍රමණය වීමට බහුතරයක් අකමැතිය. මේ පිලිබඳ ඉතා සංවෙදී ලෙස රාජ්‍ය මැදිහත් වීමක් සිදුවිය යුතුය. තවද මේ පිළිබඳව කිසියම් ආකාරය අධ්‍යනයක් කර ජනතාව දැනුවත් කර තිබෙනවාදැයි සැකයක් ඇත. තවත් අවරුදු කීපයකින් මෙවැනිම අත්දැකීමකට මුහණ දීමට අපට සිදිවනු ඇත. ඒ සඳහා මුහුණ දීමට මෙම අවස්ථාවෙන් අපි උගත් පාඩම් මොනවාද ?
ගංවතුර තත්වයට සමාන්තරව විශාල ලෙස පස් කඳු කඩා වැටීම් හා නාය යාම්ද අපට දක්නට ලැබුණි. මොරවක්කන්ද නාය ගිය ප්‍රදේශය හා අවට මුළුමනින්ම විනාශ නොවූ නිවැසියන් ලහි ලහියේ නැවතත් තම නිවාස පිරිසිදු කරමින් සිටිනු දක්නට ලැබිණ. ඔව්න්ගේ උත්සයහ නැවතත් හැකි ඉක්මනින් තම නිවාස වල පදිංචියට යාමටයි. මෙය ඉතාමත් දුක්කිත තත්වයකි.
නැවතත් නාය යාමේ අවදානමක් පවතින ප්‍රදේශ නිශ්චිත ලෙස හදුනාගෙන ඒ පිළිබඳව විද්‍යනුකුල වැඩ පිළිවලක් ක්‍රියාත්මක වනවාද ? මෙහි "විද්‍යානුකුල වැඩපිළිවල" යන්නට වටිනාකමක් ඇත, මෙය සරළ කාරණාවක් නොව , රාජ්‍ය සේවයේ මේ පිළිබඳව විද්‍යානුකුල දැනුමක් නැති කිසියම් සේවයකුට මෙය තීරණය කළ නොහැක, එසේ නම් නාය ගිය ප්‍රදේශ හා නාය යාමට විභවයක් ඇති ප්‍රදේශ විද්‍යානුකුලව පරික්ෂා කළ යුතුය, අප රටේ මේ පිළිබඳව ආයතන පවතින අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මේ පිළිබඳව ඉතාමත් දැනුම ඇති ආචාර්‍ය, මහාචාර්‍ය වරුන් සිටී. ඔවුන් සම්බන්ධ කරගත් රටපුරා දියත්වන වැඩපිළිවලක් තිබිය යුතුය.
එපමණින් නොනැවතී එම තොරතුර ජනතාව අතරේ බෙදා හරිය යුතුය, එතැනින්ද නොනැවතී ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර පැවැත්විය යුතුය. සමහරවිට මේ නාය ගිය ප්‍රදේශ මිට වසර ගණනාවකට පෙර නාය ගිය ප්‍රදේශ විය හැකිය. ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු තිබුණානම් මේ ලෙස ජනතාව එම ප්‍රදේශවල පදිංචි නොවනු ඇත. 2017 ව්‍යසනයෙන් පාඩමක් උගත නොගහොත් තවත් අවරුදු ගණනාවකින් මෙවැනිම අභාවාචක අත්දැකීමකට අපට මුහුණ දීමට සිදුවනවා නියතය. එදිනට අප ජිවතුන් අතර සිටිනට හෝ නොසිටින්නට පුළුවන.
ගංවතුර පැවති කාලයේ හා පසුව සමාජ ජාල වෙබ් අඩවි හරහා විවිධ පුද්ගලයන්,සංවිධාන හා රාජ්‍ය මැදිහත් වීමෙන් විශාල සහන සේවා ක්‍රියාත්මක විය. එය ඉතාමත් ප්‍රසංසනීය කටයුත්තකි. එයින් නොනැවතී මේ අත්දැකීම් හරහා ඊලග ව්‍යසනයට අපි සුදානම් වෙමුද ? මේ ගංවතුරෙන්වත් එගොඩ වෙමුද ?
Comments
Post a Comment